Sri Lanka! 2026 ජනපති සමග සාකච්ඡාවෙන් පසු මාදැල් ධීවරයින්ගේ සත්‍යග්‍රහය අවසන්, Ven. Kassapa Thera, ten others get bail from Trincomalee HC, අමරකීර්ති ඝාතන නඩුවේ මරණ දඬුවම හිමි 12 දෙනා වැලිකඩට, නීති විරෝධීව රටට රැගෙන ආ බීඩි සහ බීඩි කොළ තොගයක් නාවික හමුදා භාරයට, කළුතර මහාධිකරණයෙන් තිදෙනෙකුට මරණ දඬුවම, අමරකීර්තී අතුකෝරාල ඝාතන නඩුවේ 12කට මරණ දඬුවම, කස්සප හිමි ඇතුළු පිරිස පෙබරවාරි 09 දක්වා රිමාන්ඩ්, රඹුක්වැල්ල දෝනිට විලංගු, පැය 4ක ප්‍රකාශයක් ලබා දීමෙන් පසු ශිරන්ති රාජපක්ෂ FCIDයෙන් පිටව යයි, ත්‍රිකුණාමලය බුදු පිළිම සිද්ධියේ පෙත්සම නිෂ්පභ්‍රා කරයි

2026.2.13 ජනපති සමග සාකච්ඡාවෙන් පසු මාදැල් ධීවරයින්ගේ සත්‍යග්‍රහය අවසන්
ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට සත්‍යග්‍රහයේ නිරත මාදැල් ධීවරයින් සත්‍යග්‍රහය අවසන් කිරීමට තීරණය කර තිබේ.
අද (13) පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුව ඔවුන් මෙම තීරණය ගෙන ඇත.
මාදැල් කර්මාන්තය සිදු කර ගෙන යාමේදී යාන්ත්‍රික උපකරණ භාවිත කිරීම තහනම් කිරීමට රජය පසුගියදා තීරණය කළ අතර, එම තීරණයට විරෝධය පළ කරමින් ධීවරයින් පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී සත්‍යග්‍රහයක් ආරම්භ කළේ පසුගිය 5 වනදායි.
x1200

2026.2.13 කළුතර මහාධිකරණයෙන් තිදෙනෙකුට මරණ දඬුවම
වස්කඩුව මනුෂ්‍ය ඝාතන නඩුවේ තිදෙනෙකුට කළුතර මහාධිකරණ විනිසුරු තාමර තෙන්නකෝන් මහතා විසින් අද (13) මරණ දඬුවම නියම කර තිබේ.
කුඩා වස්කඩුව ලිටිල්ටන්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි චමින්ද කුමාර නමැත්තා 2008 ඔක්තෝබර් මස 23 හෝ ඊට ආසන්න දිනක, වස්කඩුව ප්‍රදේශයේ පැවති අවමඟුල් නිවසකදී පිහියකින් ඇන ඝාතනය කිරීම සම්බන්ධයෙන් මෙම පුද්ගලයින් කළුතර උතුර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
ඒ අනුව කළුතර මහේස්ත්‍රාත් අධිකරණයේ මූලික සාක්ෂි විභාග කිරීමෙන් පසු නීතිපතිවරයා විසින් මහාධිකරණය හමුවේ නඩු පැවරීය.
පසුගිය නඩු වාරයේදී පැමිණිල්ලේ සහ විත්තියේ දේශන ඉදිරිපත් කර තිබූ අතර, තීන්දුව ප්‍රකාශයට පත්කිරීම අද (13) සිදු කරන ලදී.
තීන්දුව ප්‍රකාශයට පත්කිරීමට පෙර මහාධිකරණ විනිසුරු විසින් මහාධිකරණ ශාලාවේ දොර ජනෙල් වසාදමා විදුලි පහන් නිවා අධිකරණ ශාලාව තුළ රැදී සිටී සියලු දෙනා අසුන්වලින් නැගිටවීමෙන් පසු මෙම තීන්දුව ප්‍රකාශයට පත්කර තිබුණි.

2026.2.13 නීති විරෝධීව රටට රැගෙන ආ බීඩි සහ බීඩි කොළ තොගයක් නාවික හමුදා භාරයට
නීති විරෝධීව රටට රැගෙන ආ බීඩි සහ බීඩි කොළ තොගයක් සැකකරුවෙකු සමග දළුව ප්‍රදේශයේ සිදුකල මෙහෙයුමකදි නාවික හමුදාවෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා ඊයේ (12) පුත්තලම දළුව ප්‍රදේශයේ නාවික හමුදාව විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදු කරනු ලැබුවා. එහිදි සැකකටයුතු ලොරි රථයක් පරීක්‍ෂාවට ලක්කළ අතර එම ලොරියේ අසුරා තිබූ නීති විරෝධී ලෙස රැගෙන ආ බවට සැක කෙරෙණ බීඩි, බීඩි කොළ, සකසන ලද බීඩි කොළ, ගල් අඟුරු සහ ෂැම්පු පැකට් තොගයක් හමුවු බව නාවික හමුදාව පවසනවා. මෙම ද්‍රව්‍ය තොගය අතර බිඩි අසූ හයදහස් අටසියයක (86800) තොගයක්, බීඩි කොළ කිලෝග්‍රෑම් එක්දහස් දෙසීය පනහකට (1250) අධික තොගයක්, සකසන ලද බීඩි කොළ පාර්සල් එකසිය තිස් දෙකක් (132), ගල් අඟුරු කිලෝග්‍රෑම් එකසිය තුනක (103) පමණ තොගයක් සහ ෂැම්පු පැකට් එක්දහස් පන්සිය අනූහතරක (1594) තොගයක් තිබු බව නාවික හමුදාව සඳහන් කළා. එක් සැකකරුවෙකු නාවික හමුදා භාරයට ගත් අතර ලොරියද නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. සැකකරු වයස අවුරුදු 28 ක් වන මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට හඳුනාගෙන ඇති අතර, එම සැකකරු සමඟ නාවික හමුදා භාරයට ගත් බීඩි තොගය, බීඩි කොළ, සකසන ලද බීඩි කොළ, ගල් අඟුරු, ෂැම්පු පැකට් තොගය සහ ලොරි රථය ඉදිරි නීතිමය කටයුතු සඳහා පුත්තලම සුරාබදු කාර්යාලය වෙත භාර දීමට කටයුතු කොට තිබෙනවා.

2026.2.12 Ven. Kassapa Thera, ten others get bail from Trincomalee HC
The Trincomalee High Court has ordered the release on bail of Venerable Balangoda Kassapa Thera and 10 other suspects who were remanded in custody in connection with the Trincomalee Buddha statue incident.
This order was made when the bail application regarding the group of suspects including Ven. Balangoda Kassapa Thera was considered before the High Court yesterday.
Ven. Balangoda Kassapa Thera and 10 other suspects including four monks were arrested on charges of constructing an unauthorised hut and placing a Buddha statue within the coastal conservation zone of Trincomalee town.
The group was produced before the Trincomalee High Court last Monday, where the State Counsel appearing for the Attorney General requested two days to file objections to their bail applications.

2026.2.12 අමරකීර්ති ඝාතන නඩුවේ මරණ දඬුවම හිමි 12 දෙනා වැලිකඩට
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා පහර දී අරගල සමයේ නිට්ටඹුව නගරයේදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී මරණ දඬුවම නියමවූ 12 දෙනා වැලිකඩ බන්ධනාගාරය වෙත යොමු කර ඇත.
ඊයේ (11) දින ගම්පහ ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඊයේ (11) නියෝග කළේ මෙම ඝාතනයට අදාළව චෝදනා එල්ල වී සිටින විත්තිකරුවන් 41 දෙනා අතරින් 12 දෙනෙකුට මරණ දඩුවම නියම කිරීමටයි.

2026.2.11 අමරකීර්තී අතුකෝරාල ඝාතන නඩුවේ 12කට මරණ දඬුවම
පොළොන්නරුව දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළට සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාට පහරදී ඝාතනය කළ බවට වූ චෝදනාවට වරදකරු වූ 12 දෙනෙකුට අද දින මරණ දඬුවම නියම කෙරුණි. අදාළ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කරමින් ගම්පහ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය මෙම නියෝගය ලබා දී තිබේ.
2023 වසරේ සිට වසර දෙකහමාරකට අධික කාලයක් අඛණ්ඩව විභාග වූ මෙම නඩුවේ තීන්දුව සහන් මාපා බණ්ඩාර, රශ්මි සිංගප්පුලි හා රසන්ත ගොඩවෙල යන මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල විසින් ප්‍රකාශයට පත්කර ඇත.
අරගලය පැවැති සමයේ ඉකුත් 2022 වසරේ මැයි 9 වැනිදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අමරකීර්ති අතුකෝරාල හා ඔහුගේ ආරක්ෂක නිලධාරී පොලිස් සැරයන් ජයන්ත ගුණවර්ධන, මන්ත්‍රිවරයාගේ මෝටර් රථයෙන් අරලිය ගහ මන්දිරයේ පැවැති ජන හමුවකට සහභාගි වී ආපසු පොළොන්නරුවේ සිය නිවස බලා යමින් සිටි ඇති අතර එහිදී නිට්ටඹුව නගර මධ්‍යයේ විරෝධතාවයක නිරත වූ පිරිසක් විසින් ඔවුන් දෙදෙනාට අමානුෂික අන්දමින් පොලු මුගුරුවලින් පහරදී ඝාතනය කළ අතර එම පහරදීම CCTV කැමරාවල සටහන්ව තිබුණි.
එනතුරුව සිද්ධිය සම්බන්ධ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සංවිධානාත්මක හා මනුෂ්‍ය ඝාතන විමර්ශන කොට්ඨාසයේ එවක අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හේමාල් ප්‍රශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණි. ඒ අනුව අදාළ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් රැසක් අත්අඩංගුවට ගත් අතර ඒ අතරින් 41 දෙනෙකෙුට එරෙහිව නඩු පවරනු ලැබීය.
එම ම්ලේච්ඡ ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් අත්තනගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයේ පැවැති මූලික නඩු කටයුතුවලින් අනතුරුව නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව ගම්පහ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කළේය.
මෙම නඩුව විභාග කිරීම සඳහා විශේෂ විනිසුරු මඬුල්ලක් පත්කරන ලෙස නීතිපතිවරයා විසින් අගවිනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කර තිබූ අතර ඒ අනුව ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඬුල්ලක් අගවිනිසුරුවරයා විසින් පත්කරනු ලැබීය.
ඒ අනුව මාපා බණ්ඩාර, රශ්මි සිංගප්පුලි හා රසන්ත ගොඩවෙල යන මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල නීතිපතිවරයා විසින් පත්කළේය.
අධි චෝදනා 14ක් යටතේ නීතිපතිවරයා විසින් විත්තිකරුවන් 41 දෙනාට එරෙහිව මෙම නඩුව පවරා තිබූ අතර එම විත්තිකරුවන්ගෙන් 13 වැනි සහ 31 වැනි විත්තිකරුවන් නඩු විභාගය අතරදී මියගොස් තිබූ අතර, 39 වැනි සහ 40 වැනි විත්තිකරුවන් අධිකරණය මගහැර පලාගොස් ඇති අතර ඔවුන් නොමැතිව නඩුව විභාග කෙරුණි.
මෙම නඩුව තීන්දුව සඳහා ඉකුත් ජනවාරි 14 වැනිදා කැඳවූ අවස්ථාවේදී දැඩි කොන්දේසි සහිත ඇප මත මුදාහැර සිටින විත්තිකරුවන් 37 දෙනාම අධිකරණය හමුවේ පෙනී සිටි අතර නඩුවට අදාළව ලිඛිත දේශන ඉදිරිපත් කිරීමේදී නීතිපතිවරයාගේ ඇති වූ ප්‍රමාදයක් හේතුවෙන් නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කිරීම විනිසුරු මඬුල්ල විසින් අද දිනට කල් තබා ඇත.

2026.2.6 රඹුක්වැල්ල දෝනිට විලංගු
හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ගේ දියණියක වන චමිත්‍රි ජයනිකා රඹුක්වැල්ල අද අල්සක් කොමිසම විසින් අත්අඩංගුවට ගත්තා. ඒ මුදල් විශුද්ධිකරණය සඳහා ආධාර අනුබල ලබා දීමේ චෝදනාව මතයි. හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් අයථා ලෙස උපයන ලද මුදල්, විශුද්ධිකරණය කිරීමට සහාය ලබා දීමේ චෝදනා මත මෙම සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ 2006 අංක 05 දරණ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනතේ 3 (1) වගන්තිය යටතේ වරදක් සිදු කර ඇති බවට විමර්ශනයක දී අනාවරණය වීම හේතුවෙන්.
අද පස්වරු 1 ට පමණ කොළඹ, අලුත් කඩේ ප්‍රදේශයේ දී චමිත්‍රි ජයනිකා රඹුක්වැල්ල අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන අල්සක් කොමිසමට රැගෙන ආවා.
2026.2.3 ත්‍රිකුණාමලය බුදු පිළිම සිද්ධියේ පෙත්සම නිෂ්පභ්‍රා කරයි
ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් අත්ැඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින බලන්ගොඩ කස්සප හිමි ඇතුළු පිරිස රිමාන්ඩ් භාරයට පත් කරමින් ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය නිකුත් කර ඇති නියෝගය බලරහිත කරන ලෙස ඉල්ලමින් ගොනු කර තිබුණු පෙත්සම් නිෂ්ප්‍රභා කිරීමට අභියාචනාධිකරණය නියම කර ඇති බව වාර්තා වේ.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කළ අතර අදාළ සිද්ධියට මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ පෙනී සිටි කස්සප හිමි ඇතුළු පිරිස පෙබරවාරි 09 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබිණි.
2026.2.3 පැය 4ක ප්‍රකාශයක් ලබා දීමෙන් පසු ශිරන්ති රාජපක්ෂ FCIDයෙන් පිටව යයි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය පැය 4කට කාලයක් ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයෙන් පිටව ගොස් ඇති බව වාර්තා වේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධූරය දැරූ සමයේ ශිරන්ති රාජපක්ෂ මහත්මිය තවත් දෙදෙනෙකු සමඟ හවුල් ගිණුමක් ලෙස පවත්වාගෙන ගිය සිරිලිය ගිණුම හරහා සිදුව ඇතැයි පැවසෙන මූල්‍ය වංචා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ගැනීමට ශිරන්ති රාජපක්ෂ මහත්මිය මෙසේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ ප්‍රකාශයක් ලබා දී තිබිණි.
2026 ජනවාරි 27 වැනි දින ඇයට ප්‍රකාශයක් ලබා දීමට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාෂය හමුවට කැඳවා තිබූ නමුත් ඇය එදින නොපැමිණ තිබුණු අතර නීතිඥවරුන් මාර්ගයෙන් දැනුම් දී තිබුණේ පෙබරවාරි 03 වෙනි දින පැමිණිය හැකි බවය.
සිරිලිය ගිණූම සම්බන්ධයෙන් මුලින්ම හෙළිදරව් කරනු ලැබූවේ අනිද්දා පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ ලසන්ත රැහුණගේය.
2026.2.2 කස්සප හිමි ඇතුළු පිරිස පෙබරවාරි 09 දක්වා රිමාන්ඩ්
ත්‍රිකුණාමලය බුදු පිළිම සිදුවීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බලංගොඩ කස්සප හිමි ඇතුළු භික්ෂූන් වහන්සේලා සිව්දෙනෙකු සහ තවත් හය දෙනෙකු පෙබරවාරි 9 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය පෙබරවාරි 02 වන දින නියෝගයක් නිකුත් කර ඇත.
අදාල පිරිසව මෙසේ බන්ධනාගාර ගත කිරිමට පියවර ගෙන ඇත්තේ ත්‍රිකුණාමලය, කොටුව පාරේ පිහිටි ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති බෝධිරාජ විහාරය අසල වෙරළ තීරයේ අනවසරයෙන් බුද්ධ ප්‍රතිමාවක් තැන්පත් කිරීම සහ වෙරළ සංරක්ෂණ පනත උල්ලංඝනය කිරීම යන චෝදනා මතය.

评论

发表回复

您的邮箱地址不会被公开。 必填项已用 * 标注

More posts